ඊබ්‍රාහිම් සර්දාන්ගේ ඉතිහාසගත ඉනිමක්

2025, ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත් වෙන තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 326ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 325ක්.
එහිදී ඊබ්‍රාහිම් සර්දාන් ලකුණු 177ක් රැස්කරගත්තා. එය ශූරයින්ගේ කුසලානය තචරගාවලියේ ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවවීමත් විශේෂත්වයක්.
පන්දුයැවීමේදී ජොෆා ආචර් කඩුලු 03ක් දවාගත්තා.
තරගය පැවැත්වෙන්නේ, පාකිස්ථානයේ ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.