බස් ගාස්තු අඩු වන බවට ඉඟියක්

බස් ගාස්තු අඩු වන බවට ඉඟියක්

ජූලි මාසයේ සිට බස් ගාස්තු සියයට දෙකකින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) එම සංගම් වෙත දැනුම්දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරින් සහ සංගම් සාමාජිකයන් අතර පැවැති හමුවකදී මේ බවට ප්‍රකාශවී ඇති බව සඳහන්ය.

ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය.

කෙසේ වෙතත් අදාළ යෝජනාවට බස් සංගම් සිය අප්‍රසාදය පළ කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

 

 

Share This