නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් !
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේදී හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එමඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් ලබා දෙනු ඇති බවයි.
“අපි අනිවාර්යයෙන්ම කටයුතු කරන්නේ, අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අපේ අරමුණ වෙලා තියෙනවා. අපි ඉතා පැහැදිලිව ප්‍රතිපත්ති ප්රකාශනයන්වලත් සඳහන් කරලා තියෙනවා. ඉදිරියේදී විශේෂයෙන් ජාතික ප්රශ්නය විසඳීම ඉලක්ක කරගෙනත්, ඒ වගේම ලෝකයේ දියුණුවෙලා තියෙන, මූලික අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් පිළිබඳ වගන්ති අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා ජනතාව විසින් අනුමතයට ලක් කිරීම ඉලක්ක කරගත්ත ගමනක් අපි යනවා. ඒක තමයි අපේ රජයේ ස්ථාවරය.”
මේ අතර ඉන්දීය සංචාරයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හෝ බලය බෙදීමක් සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පළමු කාර්තුවේදී පැවැත්වීමට නියමිතයි.
මීට පෙර කැඳවා ඇති නාමයෝජනා අහෝසි කිරීම සඳහා වන පනත කෙටුම්පත කර ඇති අතර එය ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි විජිත හේරත් මහතා කියාසිටියේ.
ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු කරනු ඇති.
එමෙන්ම පළාත් සභා මැතිවරණය ද ලබන වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.
ඒ සඳහා සීමා නිර්ණනය කොමිසම විසින් ලබාදී ඇති යෝජනා මේ දක්වා පාර්ලිමේන්තුව විසින් අනුමත කර නැහැ.
ඒ හේතුවෙන් අදාළ යෝජනා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පවත්න බවයි, විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.