සෑම් කොන්ස්ටස් සහ ජස්ප්‍රිට් බුම්රා අතර උණුසුම් වදන් හුවමාරුවක්

සෑම් කොන්ස්ටස් සහ ජස්ප්‍රිට් බුම්රා අතර උණුසුම් වදන් හුවමාරුවක්

ඉන්දියාව සහ සමඟ පැවැත්වෙන පස්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටස් සහ ජස්ප්‍රිට් බුම්රා අතර උණුසුම් වදන් හුවමාරුක් සිදු වුණා.

ඒ, පළමු දින තරගය නිමාවීමට පෙර යොමු කළ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව යොමු කිරීමට ප්‍රථමයෙන්.

ඒ වනවිට උස්මාන් කවාජා පන්දුවට පහර දෙන අනත්යේ රැඳි සිටි අතර ප්‍රතිවිරුද්ධ අන්තයේ රැඳි සිටි සෑම් කොන්ස්ටස් සහ ජස්ප්‍රිට් බුම්රා අතර වදන් හුවමාරුවක් සිදු වුණා.

විනිසුරුගේ මැදිහත්වීමෙන් එය සමථයකට පත් වූ අතර ඉන් අනතුරුව යොමු කළ පන්දුවේදී උස්මාන් කවාජා දවාගැනීමටයි බුම්රා සමත් වුණේ.

ඒ අනුව පළමු දින තරගය නිමාවන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 09ක්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 185ක් පමණයි.

එහිදී රිෂාබ් පාන්ට් ලකුණු 40ක් සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී ස්කොට් බ්ලොන්ඩ් කඩුලු 04ක් සහ මිචෙල් ස්ටාක් කඩුලු 03ක් දවාගත්තා.

Share This