ප්‍රංශයේදී ශ්‍රී ලංකා නර්ථන කණ්ඩායමකට විශිෂ්ට ජයක්

ප්‍රංශයේ සෑම වසරකම පවත්වන්නට යෙදෙන ඉන්දීය නර්ථන තරගාවලිය වන “නාට්‍යම් ආත්මා” (Natyam Atma) මෙවර හතර වන වරට සාර්ථකව ප්‍රංශයේ පැරිස් නුවර ඊයේ (16) පැවැත්වූ අතර, එහි හොදම ඉන්දියානු නර්ථනය අංශය ජයග්‍රහණය කරන්නට ශ්‍රි ලාංකික නර්ථන ශිල්පීන් තිදෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් වන “ත්‍රිබංග” හට හැකියාවක් ලැබිණි.
නර්ථන කණ්ඩායමේ සාමාජිකයන් වන්නෙ කෞශාල් රණසිංහ, කවිදු ගයන්ත සහ ප්‍රදීප් උදයයි.
කෞශාල් රණසිංහ මීට පෙර ප්‍රංශ ඉන්දියානු නර්ථන නිශ්පාදනයක් වන ශාකුන්තලා බැලේ නාට්‍යයෙ ප්‍රධාන චරිතය රග දැක්වූ අතර, කවිදු සහ ප්‍රදීප් කථක් නර්ථනය සදහා ඉන්දියාවේ, ලක්නව් විශ්ව විද්‍යාලයේ විශාරද උපාධිය ලබා ඇත.
ශ්‍රි ලංකාවේ ප්‍රවීණ කථක් ගුරුවරියක් වන මොක්ශා සමරසූරිය මහත්මියගෙ සිසුන් තිදෙනෙක් වන ඔවුන්ගේ මේ නර්ථනයේ ඇදුම් නිර්මාණය කර ඇත්තේ රංග වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පි මහේශ් ඉන්දිකයි.