මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සමාජිකයන් සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්ත මහතාගේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ, මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සමාජිකයන් සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අද (27) පැවැති සාකච්ඡාවකදීයි.
එහිදී රුහුණු විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ඇතුළු මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලා සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ආදි ඉල්ලීම් සම්බන්ධව ඉදිරි මැදිහත්වීම් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරුණා.
මේ පිළිබඳ ඉදිරි සාකච්ඡාව නියෝජ්‍ය අමාත්‍යවරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරින් මෙන් ම වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.