රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන්මාල කොල්ලයක්

(බණ්ඩාරගම – ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා ඇතැයි මහරගම පොලිසිය කියයි.
කොල්ල කන රන්මාලයේ බර පවුම් තුනක් පමණ බව ඇය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
හික්කඩුව සීනිගම ප්‍රදේශයේ පදිංචි සංවර්ධන නිලධාරිනිය දැනට වසර හතක පමණ කාලයක සිට මහරගම වත්තේ ගෙදර සුරම්‍ය මාවතේ පදිංචිව සිටින අතර ඇය රැකියාව නිමවා තාවකාලිකව පදිංචිව සිටින නිවස කරා යාමට විලියම් අල්විස් මාවත ඔස්සේ යමින් සිටියදී ඉදිරිපසින් පැදියකින් පැමිණි පුද්ගලයෙකුගෙල බැඳි රන්මාලය කොල්ලකා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මහරගම වත්තේ ගෙදර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයෙකු කොල්ලකා පලා ගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.