බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක්

බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක්

බංග්ලාදේශයේ පැවති ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීමේ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු දිවයිනට පැමිණ තිබෙනවා. මෙම තරගාවලියට ලෝකයේ රටවල් 20 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී ඇති අතර ඉකුත් 12/17 දින සිට 12/21 දක්වා පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා නුවරයි. මෙම තරගාවලියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩක විරේන් නෙත්තසිංහ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර සිතුමි ද සිල්වා සහ ඉසුරි අත්තනායක ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්.

Share This