ලොරි රථයකට යටවී දැරියක් මිය යයි

ලොරි රථයකට යටවී දැරියක් මිය යයි

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක් වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේදී එම අනතුර සිදුව ඇති බව සඳහන්.

මව හා පියා මෙම දැරියද සමඟ තම ඥාති නිවසකට ගොස් සිටියදී, නිවසෙහි තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හසලක පොලීසිය මගින් සිදුවන අතර, අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

Share This