පාවෙන බුදු මැදුරක් යාපනයේ වෙරළට

පාවෙන බුදු මැදුරක් යාපනයේ වෙරළට

යාපනය – වඩමාරච්චි, නාගර්කෝවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (15) පාවෙන බුදු මැදුරක් ගොඩගසා තිබෙනවා.

වඩමාරච්චි ධීවරයන් පිරිසක් එම අරුම පුදුම පාවෙන බුදු මැදුර දැක ඒ පිළිබඳ ධීවර පරීක්ෂක නිලධාරීන්, නාවික හමුදාව හා පොලිසීය දැනුවත් කොට තිබුණා.

යාපනයේ විද්වතුන් සඳහන් කළේ, මේ බුදු මැදුර මියන්මාරයේ සිට යාපනය මුහුදු වෙරළට ගසා ගෙන එන්නට ඇති බවයි.

එම බුද්ධ මන්දිරය තුළ බුද්ධ ප්‍රතිමාවක්, බුදු හිමියන්ගේ අනුරූපවල ඡායාරූප කීපයක්, මල් ආසනයක් හා යාපනයේ විද්වතුන්ට හෝ කියවාගත නොහැකි භාෂාවකින් ලියන ලද වැකි සමූහයක් සඳහන්ව තිබෙනවා.

මියන්මාරයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කිසියම් පිරිසක් විසින් මෙම පාවෙන බුදු මැදුර මුහුදේ පා කොට යවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Share This