ඔස්ට්‍රේලියාවෙන් සටන්කාමී ඉනිමක් – ලකුණු 333ක් ඉදිරියෙන්
සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතර වන දිනය අද (29) නිමාවට පත් වුණා.
තරගය නතර කරනවිට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 09ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 228ක්.
ඒ අනුව ඔවුන් ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 333ක් ඉදිරියෙන් සිටින්නේ එක් කඩුල්ලක් අතැතිවයි.
සිව් වන දිනය සඳහා තරගය නතර කරන විට නෙතන් ලයන් ලකුණු 41ක් සහ ස්කොට් බ්ලොන්ඩ් ලකුණු 10ක් ලබා නොදැවි පන්දුවට පහර දෙනවා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන ඉනිම සඳහා මානස් ලබුෂේන් ලකුණු 70ක් සහ පැට් කමිංග්ස් ලකුණු 41ක් රැස්කරගත්තා.
පන්දුයැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 04ක් සහ මොහොමඩ් සිරාජ් කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වුණේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු 474ක් රැස්කරගත්තා.
එහිදී ස්ටිවන් ස්මිත් ලකුණු 140ක්, සෑම් කොන්ස්ටස් ලකුණු 60ක් සහ උස්මන් කවාජා ලකුණු 57ක් ලබාගැනීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 04ක් රවින්ද්‍ර ජඩේජා කඩුලු 03ක් දවගත්තා.
ඊට පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 369ක් පමණයි.
එහිදී නිතිෂ් කුමාර් රෙඩ්ඩි ලකුණු 114ක්, යශෂ්වි ජෙයිෂ්වාල් ලකුණු 82ක් සහ වොෂිංටන් සුන්දර් ලකුණු 50ක් රැස්කරගත්තා.
පන්දුයැවීමේදී පැට් කමිංග්ස්, නෙතන් ලයන් සහ ස්කොට් බොලන්ඩ් කඩුලු 03 බැගින් බිඳහෙළීමටයි සමත් වුණේ.
මෙම තරගය පැවැත්වෙන්නේ, මෙල්බන්හිදීයි.