විලාසිතා ලොව දැවැන්තයෙකු හදිසි අනතුරකින් මරුට
ලොව ප්‍රකට විලාසිතා ජාලයක නිර්මාතෘ ප්‍රකෝටිපතියෙකු වන ‘ඉසාක් ඇන්ඩික් (Isak Andic)’ හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.
පවුලේ සමාජිකයින් සමග ස්පාඤ්ඤයේ, බාසිලෝනාහි කඳුකර ප්‍රදේශයක ගුහා ගවේෂණයක නිරත වන අවස්ථාවේ මිටියාවතකට ඇද වැටීමෙන් ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මිය යන විට ඔහුට වයස අවුරුදු 71ක් වනවා.
තුර්කියේ උපන් ඔහු 1984 දී බාර්සිලෝනාහිදී සිය සොහොයුරා සමග එක්ව මැංගෝ (Mango) නමින් විලාසිතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.
මේවනවිට එය රටවල් 120 ක අලෙවිසැල් 3,000 ක් පමණ පවත්වාගෙන යනු ලබන බව විදෙස් වාර්තාවල සඳහන්.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වටිනාකම ඩොලර් බිලියන 4.5 ක් වන අතර ඔහු ලෝකයේ 750 වැනි ධනවත්ම පුද්ගලයා වනවා.
මැංගෝ හි ප්‍රධාන විධායක නිලධාරී Toni Ruiz විසින් ප්‍රකාශ කරන ලද නිවේදනය පහතින් දැක්වෙනවා.