එංගලන්තයට තීරණාත්මක තරගයක් අද

2022 ශූරයින්ගේ කුසලානය 08 වන තරගය ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
තරගාවලිය තුළ තවදුරටත් රැඳි සිටීමට අවශ්‍ය නම් එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් බවයි, ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.
බී කාණ්ඩය යටතේ තරග කරන එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳි සිටින අතර ඇෆ්ගනිස්ථානය එහි සිව් වන ස්ථානයේ පසුවනවා.
එම කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථම සහ දෙවන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයක්.
අවසන් පූර්ව තරගය සම්බන්ධයෙන් එංගලන්තය බලාපොරොත්තු තබා ගැනීමට නම් අද (26) තරගය සහ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වනවා.
‘ඒ’ කාණ්ඩය යටතේ තරග කළ ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් මේ වනවිටත් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක් වනවා.