ප්‍රධාන දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් වැසෙයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් වැසෙයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ – ජාඇල මාර්ගය හරහා සැතැපුම් 16.21 සහ සැතැපුම් 16.22 ස්ථානයන්හි පිහිටි දුම්රිය මාර්ගය ලබන 28 වනදා සිට 30 දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම දුම්රිය හරස් මාර්ග අළුත්වැඩියා කටයුතු කිරීම හේතුවෙන්.

28 වැනිදා පෙරවරු 8.00 සිට 29 වැනිදා පස්වරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් එය වැසෙනු ඇති.

30 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා එම හරස් මාර්ග අර්ධ වශයෙන් ද වාහන ගමනා ගමනයට වසා තබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Share This