අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5කට අධිකරණ නියෝගයක්

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5කට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පස්දෙනෙකුට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, පුජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, රශ්මික චමෝද් රණසිංහ, උදාර රණසිංහ සහ තරුෂාන් පියුමන්ත හේරත් යන අයටයි.

ඔවුන්ට අද පස්වරු 1:00ත් සවස 6:00ත් අතර කාලය තුළ කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිටNSA වටරවුම දක්වාද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු පාරද අවහිර නොකරන ලෙස ද, මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්‍යලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට ඇතුළුවීම වළකින ලෙසද දැනුම්දී තිබෙනවා.

Share This