කෝටි 12කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරට් තොගයක් කොටු

කෝටි 12කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරට් තොගයක් කොටු

නීති විරෝධී මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරට් බන්ඩල් 713.00 තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබි සොයාගත් බව රේගු සාධක බළකායේ නිලධාරීන් ප්‍රකාශ කළේය.

එම දුම් වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයන කරන ලද භාණ්ඩ ඇසුරුම් කළ සඟවා තිබී දී සොයා ගත් බවයි.

කොළඹ වරාය පර්යේෂණයේ ගබඩාවක කළ පරීක්ෂාවකදී මෙම සිගරට්තොගය අත්අඩංගුවට ගෙන ඇත.

ලෝකයේ නම් දැරූ සන්නාමයක සිගරට් 713.00 තොගයක් බවයි.

අදාල දුම් වැටිවල වටිනාකම රැ 124,019,554 වන අතර එමගින් රජයට රුපියල් 107,958,621 බදු ආදායමක් රජයට අහිමිවන බව රේගූ දෙපාර්තමේන්තුව පවසයි.

  • චන්දන ලක්මාල්
Share This