තවත් ව්‍යාජ පුවතක් ගැන වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ, සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ ප්‍රවෘත්තියක් සංස්කරණය වීම සම්බන්ධයෙන් අදාළ විමර්ශන සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමිනි.
ඒ පුවතේ දක්වා තිබුණේ, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති නැමැත්ත මුණ ගැසුණු බවයි.
එහෙත් එහි සඳහන් කර ඇති ආකාරයට කිසිදු අවස්ථාවක අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණගැසී නොමැත බව මාධ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.