රාජ්‍ය ආයතනවල V8 රථ වෙන්දේසියට චක්‍රලේඛයක්
රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දැනුම් දී තිබෙනවා.
චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ, මෙලෙස වෙන්දේසි කරනු ලබන රථවාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම සිදු නොකළ යුතු බවයි.