ගල්වලක දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මරුට
වාරියපොළ, හිඳගොල්ල ග්‍රාමයේ පිහිටි අනාරක්ෂිත ගල්වලක දිය නෑමට ගොස් සිටි පිරිමි දරුවන් දෙදෙනෙකු ගෙන් එක් දරුවෙකු ඊයේ (25) සවස දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම දරුවන් දෙදෙනා මෙලෙස දියේ ගිලී සිටියදී ප්‍රදේශවාසින් විසින් මොවුන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර ඉන් එක් දරුවෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළා.
අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති.
මියගිය දරුවාට වයස අවුරුදු 13ක් වන අතර, ප්‍රතිකාර ලබමින් සිටින දරුවා වයස අවුරුදු 16ක් වනවා.
මෘතදේහය වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වාරියපොළ පොලීසිය විමර්ශන සිදුකරයි.