හමුදා සෙබළුන් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

හමුදා සෙබළුන් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

නිට්ටඹුව කිරිඳිවැල පාරේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් විසිදෙනකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබේ.

මේ වන විටත් තුවාලකරුවන්ගෙන් විසිදෙනකු ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර තවදුරටත් රියදුරු සහ හමුදා සෙබලයකු රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර කිරිඳවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

චන්දන ලක්මාල්

Share This