ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලකුණු 119ක ඉලක්කයක්
කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 119ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 118ක්.
එහිදී ගොන්ගාඩි ට්‍රිෂා ලකුණු 49ක් සහ මිතිලා විනෝද් ලකුණු 16ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී අසේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා සහ ලිමන්සා තිලකරත්න කඩුලු 02 බැගින් දවාගත්තා.