සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනයට අමෙරිකාවේ අඛණ්ඩ සහය
මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රවල ඉදිරි ප්රගමනය වෙනුවෙන් අඛණ්ඩය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් පවසනවා.
ඇය මේ බව ප්‍රකාශ කළේ, විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සා මහතා ඊයේ (21) හමු වූ අවස්ථාවේදීයි.
එහිදී අදාළ ක්ෂේත්රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා ඇමරිකානු රජය දක්වන සහයෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව සඳහන්.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ මෙන් ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී දැනුවත් කෙරුණා.
එමෙන්ම මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව දේශීය වෛද්‍ය ක්ෂේත්රය ප්රමුඛ ආයුර්වේදය හා බද්ධ කරමින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද එවැනි විශේෂ සැලසුම් සහගත ව්‍යාපෘති රාශියක් වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළ බව සඳහන්.
මෙරට තුළ යම් යම් අවස්ථාවන් හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සදහා ඉදිරි දෙවසර තුළ දී මෙරට රජයේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ මෙරට රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත්, මාධ්‍යවේදීන් සදහා වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේ ම ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් තිබීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස්වලට සවන්දුන් ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කළ බව සඳහන්.
එම සේවාව අඩුපිරිවැයකින් ලබා දෙන උසස් ම සේවාවක් බව ද ඇය පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා ලබා දියහැකි සහය පිළිබඳවත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසමින් ඇමරිකානු තානාපතිනිය දැනුවත්වී තිබෙනවා.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ ප්රමුඛ වත්මන් රජය ගෙන යනු ලබන නවමු වැඩපිළිවෙළ ඇයගේ විශේෂ ඇගයීමට ද ලක් වූ බවයි ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය සඳහන් කළේ.