සිගරට් අලෙවිය පහළ බසී
ලංකා දුම්කොළ සමාගමේ ආදායම 200%කින් ඉහළ ගොස් තිබෙන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසනවා.
පසුගිය දස වසර තුලළදී සිගරට් භාවිතය 50%කින් පහළ ගොස් තිබෙන අතර ලංකා දුම්කොළ සමාගමේ ලාභය ඉහළයාම දුම්වැටි සදහා විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් තවමත් සකස් නොකිරීම බව විධායක අධ්යක්ෂවරයා සඳහන් කළා.
ආර්ථික විශේෂඥයින් සිගරට් සදහා විද්‍යාත්මක නිවැරදි බදු ක්‍රමවේදයක් සහ මිල සූත්‍රයක් හදුන්වාදෙන ලෙස අවස්ථා ගණනාවකදීම ඉල්ලා ඇතත් මෙතෙක් එවැන්නක් සකස් කිරීමට පියවර ගෙන නොමැති බව කී විධයාක අධ්යක්ෂවරයා, ලෝක සෞඛ්‍ය සංවිධානය ආර්ථික විශේෂඥයින් විසින් ඉල්ලා ඇති ප්‍රතිපත්තිය තහවුරු කර තිබෙන බවත් IMF එකගතාවය තුළද සිගරට් සහ මත්පැන් සදහා නිවැරදි බදු ක්‍රමවේදයක් සහ මිල සූත්‍රයක් හදුන්වාදෙන ලෙස රජයට නිර්දේශ කර තිබෙන බව පැවැසුවා.
විධායක අධ්යක්ෂවරයා පවසන පරිදි ආණ්ඩුව සිගරට් සදහා බදු පනවන සෑම අවස්ථාවන් හිදී සිගරට් සදහා නව මිල ගණන් ප්‍රකාශයට පත් කරමින් එහි වාසිය අත්පත් කරගෙන ඇති බවත් බදු අනුපාතයට වඩා ඉහළ අගයකින් මිල ප්‍රකාශයට පත් කර ලංකා දුම්කොළ සමාගම සිය ආදායම දෙගුණයකින් ඉහළ නංවාගෙන ඇතැයි කීවා.
2023 වසරේදී පැවැති ආණ්ඩුව බදු ඉහළ දැමීමෙන් සිගරට් අලවිය සියයට 18න් ( සිගරට් මිලියන 521.5 න්) පහළ ගොස් තිබෙන බවත් බදු ආදායම සියයට 7න් (රුපියල් බිලියන 7.7 න්) ඉහළ ගිය බව පැවැසූ සම්පත් ද සේරම් මහතා නව ආණ්ඩුව විද්‍යාත්මක හා නිවැරදි බදු ක්‍රමවේදයක් සහ මිල සූත්‍රයක් හදුන්වාදී සිගරට් භාවිතය අවම කිරීමට පියවර ගතයුතු බව අවධාරණය කළා.
සිගරට් භාවිතයෙන් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට සහ දුම්පානයෙන් පෙනහළු පිළිකා ඇතුළු රෝගවලට ගොදුරු වන පුද්ගල සංඛ්‍යාව අවම කර ගැනීමට මෙන්ම රෝගී සත්කාර සේවාවන් සදහා රජයට සිදුවන වැය බර අවම කිරීමට මැදිහත් විය යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා.
මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයින් දුම්පානයෙන් ඉවත් වෙමින් සිටින නමුත් දුම්කොල සමාගම් තරුණ සහ පාසැල් වියේ පසුවන මෙරට අනාගත පරපුර, ශ්‍රම බලකාය ඊට නැඹුරු කර ගැනීමට සූක්ෂම කටයුතු යොදා ඇතැයිද විධායක අධ්යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.