ප්‍රධාන ජලාශ 54ක් තවදුරටත් වාන් දමයි
ප්‍රධාන ජාලාශ 73න් ජලාශ 54ක් වාන් දමන මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍ය ප්‍රමාණයේ වැව් බොහෝමක් තවමත් වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පැවැති වර්ෂාපතනය අඩුවීමත් සමඟ බොහෝ ගංගාවල ජල මට්ටමත් පහත යමින් ඇති බව සඳහන්.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් ගං වතුර මට්ටමකට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
යාන් ඔය හොරොව්පතාන ප්‍රදේශයෙන් ගංවතුර මට්ටමකට ළඟාවී ඇති බව සඳහන්.
මල්වතු ඔය පිහිටා ඇති තන්තිරිමලේ ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.