ශකිබ් අල් හසන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

ශකිබ් අල් හසන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල් හසන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඩාකා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අගුරු චෙක් පතක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

බංගලාදේශයේ  පැවැති ආණ්ඩු විරෝධී විරෝධතා හමුවේ අවාමි ලීග් පක්ෂයේ නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස් වුණා.

කෙසේ වෙතත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන තමන්ට ජීවිත තර්ජන ඇති බව පවසමින් මේ දක්වා ශකිබ් අල් හසන් මේ දක්වා බංගලාදේශයට ගොස් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Share This