විජිත් විජයමුණි සොයිසාට ඇප
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ලොරි රථයක් නීතිවිරෝධි ලෙස එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (19) ඔහු අත්අඩංගුවට ගත්තා.
ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අදාළ ඒකකය වෙත පැමිණි අවස්ථාවේදීයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැය පහකට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.