ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් හා නිළධාරිනියන් අධිකාරියට පත්කිරිමේ පෙළපාලියක් ආරක්ෂක ලේකම්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් හා නිළධාරිනියන් අධිකාරියට පත්කිරිමේ පෙළපාලියක් ආරක්ෂක ලේකම්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්

සුරකිමු ලකඹර පාඨය තේමා කර ගනිමින් ශ‍්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්‍යට උරදීම සඳහා ගුවන් හමුදා සාමාජිකයෙකු සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන, කෙඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ නිළධාරීන් නිළධාරිණියන් අධිකාරියට පත්කිරීම ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පවත්ව තිබෙනවා.
එය ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී 2025 ජනවාරි 16 වන දින රාත‍්‍රි විසිරයාමේ පෙළපාලියක් ලෙස ඉතා අභිමානවත්ව සිදු කරන ලද බව සඳහන්.

මෙම කෙඩෙට් නිලධාරින් අධිකාරියට පත්කරනු ලැබු පෙළපාලියේ අණදෙන නිළධාරී ලෙස ගෲප් කැප්ටන් නිරෝෂ සේනාධිර කටයුතු කරනු ලැබු අතර මෙහිදී කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයේ නිළධාරීනියන් 84 දෙනෙකු අධිකාරියට පත් කරන ලද අතර කැඩෙට් නිලධාරීන් 10 නෙකු හට පියාසර නිල ලාංජන පැළඳවීමද මෙහිදි සිදු කර තිබෙනවා.

ඉන් අනතුරුව ඊට ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය එක්ව විචිත‍්‍රවත් සරඹ සංදර්ශනයක් සහ ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් කල පැරෂුට් සංදර්ශනයක් ඇතුලත් වුණා.

මෙම විසිරයාමේ උත්සවය සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් මෙන්ම ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමොඩෝර් අමල් පෙරේරා මහතා ඇතුළු අනෙකුත් ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිළයන් ද යුධ, නාවික සහ පොලීසියේ නිළධාරීන් මෙන්ම ආධුනික කෙඩෙට් නිළධාරී, නිළධාරිණීයන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද සහභාගී වූ බව සඳහන්.

Share This