පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුසංඛ’ හෙවත් ‘පොඩි ලැසී’ ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2024 දෙසැම්බර් මස 9 වැනිදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ‘පොඩි ලැසීට’ දැඩි කොන්දේසි යටතේ ඇප ලබාදී ඇත්තේ, ඊළඟ නඩු දිනය දක්වා විදෙස් ගමන් තහනමක් ද පනවමින්.

කෙසේ වෙතත් අදාළ ඇප කොන්දේසි නොතකා ‘පොඩි ලැසී’ නීතිවිරෝධි අයුරින් ඉන්දියාවට පළාගොස් ඇති බවට පොලීසිය සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.

ඒ අනුව ඉන්දියාවේ – මුම්බායිහී සැඟව සිටි ‘පොඩි ලැසී’ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජාත්‍යන්තර පොලීසිය මගින්.

ඔහුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරටට දැනුම් දී ඇති බව ද සඳහන්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බන්ධනාගාර ඉහළ නිලධාරීන්ට එරෙහිව මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන නඩුවක සැකකරුවෙකු වන ‘පොඩි ලැසී’ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ අපරාධ චෝදනා මත වසර දෙකකට වැඩි කාලයක් බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.

 

Share This