බටහිර මියන්මාරයේ ගම්මානයකට ගුවන් ප්‍රහාරයක්
සන්නද්ධ වාර්ගික සුළුතර කණ්ඩායමක පාලනය යටතේ පවතින ගම්මානයකට මියන්මාර හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු පමණ මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් වාර්තා පවසනවා.
බෝම්බ ප්‍රහාරයෙන් ඇති වූ ගින්න නිසා නිවාස විශාල සංඛ්‍යාවක් ගිනිබත් වූ බව සඳහන්.
බටහිර රඛයින් ප්‍රාන්තයේ නි මාව් ගම්මානයේ මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, ජනවාර්ගික අරකන් හමුදාව විසින් එය පාලනය කරනු ලබනවා.
මෙම ගම්මාන ප්‍රදේශයේ අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා ප්‍රවේශය බොහෝ දුරට කපා හැර ඇති බවත් සඳහන්.