භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක

භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ශිෂ්‍ය හිමිවරුන් දස නමකට පනවා ඇති පන්ති තහනම ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් අනුරාධපුර නව පුත්තලම් පාරේ පිහිටි එම විශ්වවිද්‍යාලයීය නව පරිශ්‍රය ඉදිරිපිටදී පසුගිය 07 වැනිදා ආරම්භ වූ මෙම සත්‍යග්‍රහය අඛණ්ඩය අද (10) දිනත් පැවැත්වෙන බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

නවක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හට නවක වදය ලබා දීමේ චෝදනාව මත ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දස නමකට මේවන විට වසර එක හමාරේ සිට වසර දෙකක් දක්වා කාල සීමාවකට පංති තහනම් කර ඇති බව සඳහන්.

Share This