‘Clean sri lanka’ වැඩසටහන බලෙන් කරන දෙයක් නෙමෙයි
අග්‍රාමාත්‍යවරිය කියයි
‘Clean Sri lanka’ වැඩසටහන බලෙන් ක්‍රියාත්මක කළ යුතු දෙයක් නොව සියළු දෙනාගේ කැමැත්ත සහ සහභාගීත්වය මත සිදුවිය යුතු වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
පාර්ලිමේන්තු විවාදය අතරතුර මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“Clean Srilanka වැඩසටහනේ මූලික අරමුණු වන්නේ ආදර්ශය ලබා දීම, පෙළඹවීම, යොමු කිරීම සහ වෙනස්වීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම යි.. ඒ තුළින් ශ්‍රී ලාංකික සමාජය තුළ සාධනීය වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වනවා.. සංවර්ධිත ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සාමාජීය, සදාචාරාත්මක සහ පාරිසරික මුළ පිරීම සමග රට තුළ සිදු කරන සියලු ප්රයත්නයන් ඒකාබද්ධ කිරීම සහ ඒ සඳහා පහසුකම් සැපයීමටත් කටයුතු කරනවා.. ඒවගේම යහපත් ආණ්ඩුකරණ සංකල්පයන් තහවුරු කිරීමත්, ශ්‍රී ලාංකීය ජන සමාජයේ සියලු ස්ථරයන්හි අන්තර් ක්‍රියාකාරකම් සහ මානව සබඳතා සඳහා හඳුනාගත් වටිනාකම් සහ ආචාර ධර්මයන් ස්ථාපිත කිරීම තුළින් සිනහවෙන් පිරුණු මිනිසුන් වෙසෙන ලස්සන රටක් බිහිකිරීම තමයි අරමුණ.. ඒ වෙනුවෙන් clean sri lanka වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සඳහා ජාතික මට්ටමේ සංකල්පීය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන් සහ සමාජ ක්රියාකාරිකයන්ගෙන් සමන්විත සාමාජිකයන් 19 දෙනකුගෙන් යුතු ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබෙනවා.. දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් හඳුනා ගැනීම, මහජනතාව දැනුවත් කිරීම සිදුකිරීම, සම්පත් කළමනාකරණය සඳහා සම්බන්ධීකරණය කිරීම, ක්‍රියාත්මක කරන ව්‍යාපෘති නිසි අරමුණු වෙත ළඟා කර ගැනීමට හැකිවන පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි විපරම් කිරීම සහ ඇති වන බාධාවන් සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කිරීම, ව්‍යාපෘති අවසන් වීමෙන් පසු අපේක්ෂිත අරමුණු ඉටුවී ඇත්දැයි පසු විපරම් කිරීම යන ක්‍රියාවලිය මෙයට ඇතුළත් වෙනවා.. මේ වගේ වැඩසටහනක් මේ රට තුළ මීට කලින් ක්‍රියාත්මක වෙලා නෑ.. අපේ ආයතන අපේ නිලධාරීන් පුරුදු වෙලා තියෙන්නේ යම්කිසි දෙයක් නෛතික විදියට විතරක් ක්‍රියාත්මක කරන්න.. නැත්නම් බලෙන් ක්‍රියාත්මක කරන්න තමයි අපි හුරු වෙලා තියෙන්නේ.. මේ වැඩසටහන, පුද්ගල අභ්‍යන්තර වෙනසක් තුළින් සමාජය වෙනස් කිරීම සිදු කිරීමක්. මේක ටිකක් සංකීර්ණ දෙයක්.. මේක ක්‍රියාත්මක කරන්න යනකොට අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්, සමහරු වැරදි අරමුණකින් මේක කඩාකප්පල් කරන්න පුලුවන්.. මේ සංකල්පය තේරුම් ගනිමින් යන ක්‍රියාවලිය තුළ අර අපි පුරුදු විදිහට වැඩ කරන්න යනකොට යම් යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්.. නමුත් අපි බලාපොරොත්තු වෙන පරිවර්තනය බලෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. සියලු දෙනාගේම සහභාගිත්වය කැමැත්ත මත සිදුවිය යුතු දෙයක්..”