කෝටි 09ක කොකේන් සමග විදේශිකයෙකු අත්අඩංගුවට
රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි.
ඔහු සිය ගමන් මල්ලේ සඟවා මෙම කොකේන් තොගය මෙරටට රැගෙන ඒමට තැත් කර ඇති බවයි රේගුව සඳහන් කළේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙක්.
ඔහු කොලොම්බියාවෙන් ගමන් ආරම්භ කර කටාර් රාජ්‍යයේ දෝහා හරහා අද (08) අළුයම දිවයිනට පැමිණ තිබෙනවා.
සැකකරු හා කොකේන් තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.