කථානායක ධූරයෙන් ඉවත්වීම නිවැරැදි ආදර්ශයක්
හිටපු කථානායක අශෝක රන්වල කියයි
කථානායක ධූරය අභියෝගයට ලක්වෙන මට්ටමක් උද්ගත වු බැවින්, ඉන් ඉවත්වීමට තීරණය කළ බව හිටපු කථානායක ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී අශෝක සපුමල් රන්වල මහතා පවසනවා.
මොනරා ඩිජිටල් ‘ඉර’ සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් රන්වල මහතා මේ බව කියා සිටියා.
ඒ හේතුවෙන් එම තනතුරේ තවදුරටත් රැඳි සිටීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දුන් රන්වල මහතා අවධාරණය කළේ ඒ මොහොතේ ගත යුතු හොඳම තීරණය ගත් බවයි.
තනතුරු තානාත්තරවල එළැඹ නොසිට අවදානම් සහගත වෙලාවෙහි ඉන් ඉවත්වීමට ගත් තීරණය සැමට ආදර්ශයක් බවද අශෝක රන්වල මහතා වැඩිදුරටත් කියා සිටියා.
සම්පූර්ණ වැඩසටහන මෙතනින් බලන්න👇🏻