මීමින්නන් දෙදෙනෙක් මරා, මසට රැගෙන යමින් සිටි දෙදෙනෙක් කොටු
මීමින්නන් දෙදෙනෙකු දඩයම් කර මසට විකිණීම සඳහා ත්‍රීරෝද රථයකින් ගෙනයමින් සිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගියදා රාත්‍රීයේ දැදුරුඔය ස්ථිර මාර්ග බාධකයේදී රාත්‍රී මුර සේවයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින්.
කලක් වසා දමා තිබූ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ ඇති මෙම දැදුරුඔය ස්ථිර මාර්ග බාධකය ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට’ අනුව වයඹ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පසුගියදා නැවත ආරම්භ කළා.
කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ ධාවනය කරනු ලබන වාහන මෙම ස්ථිර මාර්ග බාධකයේදී පරීක්ෂා කරනු ලබනවා.
ඒ අනුව, පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් නවත්වා එය පරීක්ෂා කිරීමේදී එම රථය තුළ සඟවා තිබූ මීමින්නන් දෙදෙනෙකුගේ මළ සිරුරු පොලිස් නිලධාරීන් දැක ගැනීමට ලැබී තිබෙනවා.
පසුව මීමින්නන් දෙදෙනාගේ මළසිරුරු සමග අදාළ සැකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි හලාවත මූලස්ථාන පොලිසීය සඳහන් කළේ.
සැකකරුවන් 25 – 30ත් අතර වයස්වල පසුවන රාජකදළුව සහ හලාවත – අළුත්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
මෙම මීමින්නන් රාජකදළුව ප්‍රදේශයේ කැලයකින් මරණ ලද සතුන් බවටත්, මෙම සතුන් මස් සඳහා අළෙවි කිරීමට හලාවත අළුත්වත්ත ප්‍රදේශයට ගෙන යමින් සිටින බවටත් සැකකරුවන් පොලීසියට පවසා තිබෙනවා.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
(මාදම්පේ කමල් සත්යවර්ධන)