උරණ වූ ඇතෙක් නිසා විශ්ව විද්‍යාල සිසුවියක් මරුට
තායිලන්තයේ අලි අනාතාගාරයක ස්නානය කරමින් සිටි ඇතෙක් ස්පාඤ්ඤ ජාතික විශ්ව විද්‍යාල සිසුවියක් මරා දමා ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.
පසුගිය සිකුරාදා කෝ යාඕ අලි රැකවරණ මධ්‍යස්ථානයේ දී 22 හැවිරිදි බ්ලැන්කා ඔජන්ගුරෙන් ගාර්ෂියා නම් මෙම සිසුවිය ඇතාව ස්නානය කරවීමට උදව් කර ඇති අතර එහිදී එම සත්වයා විසින් ඇයට පහර දී මරණයට පත් කර ඇති බව සඳහන්.
ස්වභාවික වාසභූමියෙන් පිටත සංචාරකයින් සමඟ කටයුතු කිරීමට සිදුවීමෙන් අලියාට ආතතියක් වන්නට ඇති බවයි තායිලන්ත බලධාරීන් පවසන්නේ.
ස්පාඤ්ඤයේ නවරා විශ්ව විද්‍යාලයේ නීතිය සහ ජාත්‍යන්තර සබඳතා අංශයේ ශිෂ්‍යාවක් වූ ගාර්ෂියා, ශිෂ්‍ය හුවමාරු වැඩසටහනක කොටසක් ලෙස තායිවානයට පැමිණ සිට තිබෙනවා.
ඇය සිය පෙම්වතා සමග අලි අනාතාගාරයට ගොස් සිට ඇති අතර ප්‍රහාරයට ලක්ව ඇත්තේ පෙම්වතා එම ස්ථානයේ සිටයදීයි.
ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් පැවසුවේ බැංකොක්හි ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලය ගාර්ෂියාගේ පවුලට සහාය වන බවයි.
තායිලන්ත ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුවට අනුව, අලිඇතුන් 4,000 කට වැඩි සංඛ්‍යාවක් එහි වාසය කරන අතර ඒ හා සමාන සංඛ්‍යාවක් කොටු කර තබා ගනිමින් තායිලන්තයේ සංචාරකයින් ආකර්ෂණය කර ගැණීම වෙනුවෙන් යොම කරවන බව සඳහන්.
අලි නෑවීම ජනප්‍රිය සංචාරකයන් ක්රියාකාරකමක්වන අතර, කෝ යාඕ මධ්‍යස්ථානය ඩොලර් 55 / පවුම් 44 අතර “අලි රැකවරණ” පැකේජ සංචාරකයන්ට හඳුන්වා දී තිබෙනවා.