යුද්ධ හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහට
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා.
ඔහු යුද හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ බව යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන්නේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයයි.
මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන අතර, ඔහු ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙක් .
නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය හෙබවූවා.