හිටපු ජනාධිපති රනිල් නේපාලයට ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ නේපාල අග්රාමාත්ය කේ.පී ෂර්මා ඔලි අතර හමුවක් අද (02) පවත්වා තිබෙනවා.
ඒ, නේපාලයේ කත්මණ්ඩු නුවරදීයි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර නේපාලයේ සංචාරයකට එක්ව ඇති බව සඳහන්.
එහිදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ නේපාල අගමැතිවරයා අතර පැයක පමණ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
නේපාල අග්රාමාත්යවරයා එහිදී පවසා ඇත්තේ නේපාලයට දරුණු භූමි කම්පාවකට මුහුණ දෙන්නට සිදුවූ අවස්ථාවේදී ශ්රී ලංකාවෙන් ලද උපකාර පිළිබඳව කෘඥතාවය පළ කරන බවයි.
ශ්රී ලංකාව සහ නේපාලය අතර ඉදිරියේදී තවදුරටත් ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීමට අපේක්ෂා කරන බවද නේපාල අග්රාමාත්යවරයා සඳහන් කර තිබෙනවා.