සූර්යයාට වඩාත් සමීප වූවත් නාසා අභ්‍යවකාශ යානය ආරක්ෂිතයි

සූර්යයාට වඩාත් සමීප වූවත් නාසා අභ්‍යවකාශ යානය ආරක්ෂිතයි

තම පාකර් සූර්ය ගවේෂණ යානය “ආරක්ෂිත” බව නාසා ආයතනය පවසනවා.

ඒ මිනිසා විසින් සාදන ලද වස්තුවක් ලෙස සූර්යයාට ආසන්නතම ප්‍රවේශය සාර්ථකව නිම කිරීමෙන් පසුවයි.

මෙම අභ්‍යවකාශ යානය පසුගිය දෙසැම්බර් 24 වනදා කොරෝනා ලෙස හඳුන්වන සූර්ය පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8 ක් (කිලෝමීටර් මිලියන 6.1) දුරින් පිහිටි , සූර්යයාගේ පිටත වායුගෝලයට පියාසර කළා.

ඒ පෘථිවියේ සමීපතම තාරකාව ගැන විද්‍යාඥයින්ට වැඩි විස්තර දැන ගැනීමට උපකාර කිරීමේ මෙහෙයුමක් සඳහායි.
නමුත් එය අධික තාපයකට ලක්වන බැවින් මෙම යානය නිරුපද්‍රිතව පවතීදැයි විද්ඥයින්ට සැක මතු වූවා.
එම නිසා සූර්යයාගේ සමීපයට ගිය යානයෙන් සංඥාවක් ලැබෙන තුරුම ඔවුන්ට ඉවසා සිටීමට සිදුවූ බවයි මේරිලන්ඩ් හි ජෝන්ස් හොප්කින්ස් ව්‍යවහාරික භෞතික විද්‍යාගාරයේ මෙහෙයුම් කණ්ඩායම පවසන්නේ.
නමුත්, බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියට පෙර අභ්‍යාවකාශ යානයෙන් සංඥාවක් ලැබුණු බව ඔවුන් තහවුරු කර තිබෙනවා.
නාසා ආයතනය වැඩිදුරටත් පවසන්නේ, ලබන ජනවාරි 1 වන දින අභ්‍යවකාශ යානය එහි තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක දුරමිතික දත්ත පෘතුවියට එවීමට අපේක්ෂා කරන බවයි.

පැයට සැතපුම් 430,000 (පැයට කිලෝමීටර 692,000) දක්වා වේගයෙන් ගමන් කළ හැකි මෙම අභ්‍යවකාශ යානය, සූර්යයා ළගට සමීපවත්ම ෆැරන්හයිට් අංශක 1,800 (සෙල්සියස් අංශක 982) දක්වා උෂ්ණත්වයකට ඔරොත්තු දුන් බව නාසා වෙබ් අඩවිය පවසනවා.

Share This