වගා හානි සඳහා වන්දි ගෙවන හැටි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්ම ක්ෂේත්රයට සිදු වූ හානි සහ වන්දි ගෙවීමේ වැඩපිළිවෙළ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල නිවාස, මහාමාර්ග, කුඹුරු හා භූමි ජලයෙන් යටවීමත්, වැව් අමුණු සහ ඇළවේලී විශාල ප්‍රමාණයක් කැඩී යාමත් හේතුවෙන් මහජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණපෑමට සිදු වුණා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව දෙසැම්බර් 02 වැනි දින වනවිට දිවයින් පුරා දළ වශයෙන් කුඹුරු අක්කර 91,300ක් පමණ පූර්ණ හානියට පත්වී ඇති අතර, කුඹුරු අක්කර 86,225ක් පමණ අර්ධ හානියට ලක්ව තිබෙනවා.
ඊට අමතරව සුළු වාරිමාර්ග 173ක් පූර්ණ වශයෙන් විනාශ වී ඇති අතර, 1148කට අර්ධ වශයෙන් හානි දුව ඇති බව සඳහන්.
එසේම නුවර එළිදිස්ත්රික්කයේ පමණක් එළවළු වගා අක්කර 750ක් පමණ විනාශ වී ඇති බවට වාර්තා වනවා.
හානියට පත් කුඹුරු වල නැවත මාස 2 1/2 හෝ මාස 3 වී ප්රභේදයන් හෝ සුදුසු කෙටිකාලීන භෝගයන් වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී සහ බීජ සපයා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරමින් සිටිනවා.
පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක හානිපූර්ණයක්ද, එසේම බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන භෝග වර්ග 5 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 01ක් දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක හානි පූර්ණයක් ද, 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන වලින් ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරනු ලබන බව සඳහන් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩ ම් හා වාරි මාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලයට ගෙන තිබෙනවා.