නොවැම්බර් මාසයේදී  මිල මට්ටම්වල අඩුවීමක්

නොවැම්බර් මාසයේදී  මිල මට්ටම්වල අඩුවීමක්

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට ඍණ 1.7ක් දක්වා අඩුවී තිබෙනවා.

ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0 ක් දක්වා අඩුවී ඇති බවයි, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේ.

ඔක්තෝබර් මස සියයට මෙරට උද්ධමනය සියයට ඍණ 0.7 ක්ව පැවැති බව සඳහන්.

එම මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක පැවැති බවයි  ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  සඳහන් කළේ.

ඔක්තෝබර් මාසයේ සියයට ඍණ 2.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට ඍණ 3.1 ක් දක්වා අඩුවී ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This