තුර්කි රෝහලක හෙලිකොප්ටර් අනතුරකින් සිව් දෙනෙකු මරුට

තුර්කි රෝහලක හෙලිකොප්ටර් අනතුරකින් සිව් දෙනෙකු මරුට

නිරිතදිග තුර්කියේ රෝහලකට අයත් ගිලන් රථ හෙලිකොප්ටරයක් ​​රෝහල් ගොඩනැගිල්ලක ගැටී කඩා වැටී තිබෙනවා.
මෙම අනතුරින් එහි ගමන් ගත් නියමුවන් දෙදෙනෙකු, වෛද්‍යවරයෙකු සහ තවත් වෛද්‍ය සේවකයෙකු මරණයට පත්ව ඇති බව සඳහන්.
හෙලිකොප්ටරය මුග්ලා පුහුණු හා පර්යේෂණ රෝහලෙන් ගුවන් ගත වී පැමිණි පසු, මුලින්ම රෝහල් ගොඩනැගිල්ලේ සිව්වන මහලේ ගැටී තිබෙනවා.
ඉන් අනතුරුව එය කඩා වැටී ඇති බව සඳහන්.
නමුත්, ගොඩනැගිල්ල තුළ හෝ ගුවන් යානය කඩා වැටුනු ස්තානයේ සිටි කිසිවෙකුට හානියක් සිදුව නැහැ.
මෙම සිදුවීමට අදාළ ඉදිරි පරික්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.

Share This