තවදුරටත් සහල් ආනයනය කරන්න අවසර
සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය 2025 වසරේ ජනවාරි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට වෙළඳ අමාත්යංශය තීරණය කර තිබෙනවා.
ඒ, අදාළ කාලය අදින් (20) අවසන්වීමට නියමිතව තිබූ පසුබිමකයි.
රට තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස පෞද්ගලිකව සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමටයි වත්මන් රජය තීරණය කළේ.
ඒ අනුව මේ දක්වා සහල් මෙට්රික් ටොන් 35,600ක් මෙරටට ගෙන්වා ඇති බව සඳහන්.