රජරට රැජින – සාගරිකා ගැටුමට තිදෙනෙකුගේ වැඩ තහනම්

රජරට රැජින – සාගරිකා ගැටුමට තිදෙනෙකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන කිරීමට සැලසුම්කර තිබු රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී එය වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී ඊයේ (15) පෙරවරුවේ අනතුරක් සිදුව තිබුණා.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

අදාළ දුම්රියන් වෙනුවට විකල්ප දුම්රියන් යෙදවීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

Share This