නිවසේ සිටි තාත්තටයි දුවටයි වෙඩි තියලා

නිවසේ සිටි තාත්තටයි දුවටයි වෙඩි තියලා

ඊයේ (15) රාත්‍රියේ මීටියාගොඩ පොලිස් වසමේ බෙලිමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නිවසක් තුළ සිටි කාන්තාවකට සහ පුද්ගලයෙකුට වෙඩි තබා ඇති අතර, වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි ඔවුන් බලපිටිය රෝහලටෑ ඇතුලත් කර ඇති බව සඳහන්.

වයස අවුරුදු 49ක පියාට සහ අවුරුදු 29ක දිණියට මෙලෙස වෙඩි තබා ඇති බවට අනාවරණය වනවා.

තුවාලකරු සහ තුවාලකාරිය නිවසේ සිටියදී, පුද්ගලයින් පිරිසක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇති බවට අනාවරණය කරගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Share This