වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙක් පත් කරයි
අමාත්‍යංශ පහක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කර තිබෙනවා.
ඒ, නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්.
ඒ අනුව ඒ අනුව ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පත්කර ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත් කර ඇති බව සඳහන්.
මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පත් කර තිබෙනවා.
කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතායි.