උතුරේ පැතිරෙන උණ රෝගය මී උණ බවට හඳුනා ගැනේ

උතුරේ පැතිරෙන උණ රෝගය මී උණ බවට හඳුනා ගැනේ

උතුරු පළාත තුළ පැතිර යන හඳුනා නොගත් උණ රෝගය, මී උණ රෝගය බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බවට සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව අනාවරණයව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දඹරේරා මහත්මිය සඳහන් කළේ, රෝගීන්ගේ සාම්පල මේ වනවිට වෛද්‍ය පර්‍යේෂණ ආයතනය සහ මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට යවා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම රෝගීන් කිහිපදෙනෙකුගේ සාම්පල මීණ උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) රෝගය ලෙස තහවුරු වී ඇති බවයි.

එමෙන්ම අනෙකුත් පර්යේෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ඉන්ෆ්ලුවෙන්සා හෝ වෙනත් රෝග තත්ත්වයන් මේ අතර තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවයි විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Share This