චීන විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3.2659ක් දක්වා ඉහළට

චීන විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3.2659ක් දක්වා ඉහළට

මෙම වසරේ නොවැම්බර් මස අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතය ඇ.ඩො ට්‍රිලියන 3.2659ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එරට නිල දත්ත වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළා.

එය ඔක්තෝබර් මස අග සිට ඩොලර් බිලියන 4.8කින් ඉහළයාමක්.

ප්‍රතිශතයක් ලෙස 1.15% ක් වනවා.

මුදල් පරිවර්තනය සහ වත්කම් මිලෙහි වෙනස්වීම් වැනි සාධකවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් චීනයේ විදේශ විනිමය සංචිත පසුගිය මාසයේ දී ප්‍රසාරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනයේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් වෙමින් පැවතීමත්, වෙළඳපොල විශ්වාසය ද වැඩිදියුණු වෙමින් පැවතීමත්, රට තුළ විදේශ විනිමය සංචිතවල ස්ථායී පරිමාණය පවත්වා ගැනීමට උපකාරී වන බවයි චීන විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

Share This