නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක්.
මෙතෙක් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලූ යූ. ඩී. එන්. ජයවීර මහතා නැවතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කිරීමට නියමිත බව සඳහන්.