ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප
ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනෙකු ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) නියෝග කළා.
එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙක බැගින් නියම කර තිබෙනවා.
මෙම සැකකරුවන් 08 දෙනාට විදේශ ගමන් තහනම් කරමින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කළ යුතු බවටත් දැඩි ඇප කොන්දේසි පනවමින් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.
පසුගිය ජුලි මස 8 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් සිටියදී ක්ලබ් වසන්තට වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.