මුද්‍රිත පොත්වල බද්ද ඉවත් කරන්නැයි ඉල්ලීමක්
මුද්‍රිත පොත් සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
ඔවුන් මෙම ඉල්ලීම සිදු කළේ, ‘2024 ජනවාරි මාසයට පෙර පැවති ලෙස පොත් වැට් බද්දෙන් නිදහස් කරගනිමු’ යන මැයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහි සභාපති සමන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, ඉතිහාසයේ කිසිදු අවස්ථාවක පොත් සඳහා වැට් හෝ වෙනත් බද්දක් පනවා නොමැති බවයි.
එමෙන්ම 1950 වසරේදී ශ්‍රී ලංකාව ෆ්ලොරන්ස් ගිවිසුමට අතර කර තිබෙනවා. ඒ අනුව බුද්ධිමය දේපළ යටතේ බදු අය නොකරගත යුතු වනවා.
කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව විසින් පනවා ඇති බදුවලින් එය උල්ලංගනය කර ඇති බවයි, එම සංගමය අවධාරණය කළේ.
මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්දෙන් පොත් ප්‍රකාශන ක්ෂේත්රය විශාල අර්බුදයකට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් සමස්ත සමාජයට, ප්‍රකාශකයන්ට, ලේඛකයින්ට, පොත් ආනයනකරුවන්ට සහ විකුණුම්කරුවන්ට අහිතකර බලපෑම් සිදුව ඇති බවයි, සමන්ත සමරසිංහ මහතා කියාසිටියේ.
මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යංශයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සෙසු බලධාරින්ගෙන් අඛණ්ඩව ඉල්ලීමක් සිදු කළත් ඊට නිසි ප්‍රතිචාරය නොලැබුණු බව ද සමන්ත සමරසිංහ මහතා පෙන්වාදුන්නා.
මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ඉදිරියේ අයවැයෙන් අදාළ බද්ද ඉවත් කරන ලෙසටයි, ඔහු වැඩිදුරටන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.